14 June 2026

logo

විදුලි සැර වැදී වනඅලි දෙදෙනෙක් ජීවිතක්ෂයට



උක්ගස් වගා බිමකට නීතිවිරෝධී අයුරින් ඇද තිබූ විදුලි රැහැනකට ගැටීමෙන් වනඅලීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ බුත්තල - ඔක්කම්පිටිය ප්‍රදේශයේදීයි.

මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු එකක සහ අවුරුදු විස්සක පමණ වනඅලීන් දෙදෙනෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)