සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති දෙදෙනා ඊයේ (13) රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබෙනවා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැඳී සිටියදීයි.
එහිදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර තිබෙන බව සඳහන්.
ඔවුන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡයාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථනවල රඳවා තබා ගෙන සිටි බවද වාර්තා වනවා.
එහිදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර පසුව මෙරටට පිටුවහල් කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.
සැකකරුවන් දෙදෙනා ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර චතුර කොළඹ, නාරහෙන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
