යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් ගමන් කළ කාර් රථයක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ මහනුවර - කුරුණෑගල මාර්ගයේ උඩකොටමුල්ල ප්‍රදේශයේදීයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු ගලගෙදර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.
(colombotimes.lk)
