සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවතගම ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ මාවතගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදීයි.
එම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි භාවිතයට නොගන්නා ළිඳක් තුළ තිබී අදාළ මළසිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වන මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි.
(colombotimes.lk)
