27 April 2025


උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවන දින දැනුම්දෙයි



2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 02වනදා සිට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ https://onlineexams.gov.lk/eic යන සබැඳිය ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි.

මැයි 16වනදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)