ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් අද (26) වතිකානයේදී සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙයට ප්‍රථම අදාළ හමුව පවත්වා ඇති බවයි.
එහිදී ජනාධිපතිවරුන් දෙදෙනා විනාඩි 15ක පමණ කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.
ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව ඔවුන් හමුවූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.