අනවශ්‍ය වියදම් අඩු කිරීමෙන් තමන් රජයට අවම වශයෙන් මසකට රුපියල් මිලියන 5ක් ඉතිරි කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
ඒ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොළඹ පැවති රැස්වීමක් අමතමින්
එහිදී ඔහු කියා සිටියේ අමාත්‍යවරයෙක්ට සාමාජිකයන් 20දෙනෙක්ගෙන් යුත් පුද්ගලික කාර්ය මණ්ඩලයක් සඳහා හිමිකම් ඇති බවයි.
කෙසේ වෙතත් තමන් ලබාගෙන තිබෙන්නේ 9දෙනෙක් පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.