27 April 2025


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි



රජයේ රෝහල්වල භාවිතා කරන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසියට දැනුම්දී තිබෙනවා.

වතු පාලන අධිකාරිය සඳහා කළේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි එම වත්තට ඊයේ (25) රාත්‍රීයේදී මෙම බෙහෙත් තොගය වාහනයකින් රැගෙන විත් බැහැර කර ඇති බවයි.

එම බෙහෙත් තොගය කල් ඉකුත් වූ බෙහෙත් බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

(colombotimes.lk)