01 July 2025

logo

ගුවන් යානයක් කඩා වැටෙයි - පොලිස් නිලධාරීන් 6ක් ජීවිතක්ෂයට



තායිලන්තයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පොලිස් නිලධාරීන් 06දෙනෙක් මියගොස් ඇති බවයි.

බැංකොක් සිට කිලෝමීටර් 130ක් පමණ නිරිත දෙසින් මුහුදෙහි පැරෂුට් පුහුණුවීම් සඳහා අත්හදා බැලීමේ පියාසැරියක නිරතව සිටියදී මෙම යානය කඩා වැටී තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)