විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි.
ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවළ නිවැරදි ආකාරයෙන් සිදු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර සඳහන් කළා.
විදුලිය පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර් අතුල සඳහන් කළේ විදුලිබල මණ්ඩලය කොටස් කිරීම මඟින් දැනට ලක්ෂ 15ක්ව පවතින අධ්‍යක්ෂ මණ්ඩල ගාස්තුව රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යන බවයි.
(colombotimes.lk)