08 June 2026

logo

ව්‍යාජ ඩොලර් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට



විදෙස් රටකදී මුද්‍රණය කළ ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු 60ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටිකාවත්ත ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 53 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය සඳහන් කළා.

එලෙස සොයාගත් මුදල්වල වටිනාකම රුපියල් කොටි 21ක් වන බවයි වාර්තා වන්නේ. 

මෙම මුදල් විදෙස් රටක මුද්‍රණය කර මෙරටට ගෙන්වා තිබෙන අතර මුදල් ජාවාරමට පකිස්ථාන ජාතිකයෙක් ද සම්බන්ධ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

ව්‍යාජ මුදල් නෝට්ටු ඩොලරයක් රුපියල් 284ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවත් මෙරට ව්‍යාපාරිකයන්ට ඩොලර් නෝට්ටු හුවමාරු කර ඇති බවත් පොලීසිය විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)