13 December 2025

logo

ප්‍රංශ ගුවන්තොටුපළට රැජිනගේ නම තැබීමට තීරණයක්



බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ අවසරය ලැබීමෙන් පසු දෙවන එලිසබෙත් රැජිනට ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ ගුවන් තොටුපළක් නම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ අනුව ප්‍රංශයේ Touquet-Paris-Plage ගුවන් තොටුපළ Elizabeth II Le Touquet-Paris-Plage ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙසින් නම් කිරීමට නියමිතයි. 
 
කෙසේ වෙතත් ගුවන් තොටුපොළෙහි නම වෙනස් කිරීමේ සමාරම්භක දිනයක් තවමත් නියම කර නැති බව සඳහන්.
(colombotimes.lk)