colombotimes.lk
සිංහල | English

27 April 2024

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වෙයි



දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල මඳ වශයෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන්.

එබැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)