12 March 2025


අද දිනය වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගැන තොරතුරු මෙන්න



පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම තවත් ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවනවා. 

ඒ අනුව මෙරට පාසල්වලින් 60% ක ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන හමු වූ බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ. 
 
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලින් එවැනි මදුරු කීටයින් බෝවන ස්ථාන 65% ක් සහ ගම්පහ දිස්ත්‍රික්කය් පාසල්වලින් 65 - 70%ක් අතර ප්‍රමාණයක මදුරු කීටයින් බෝවන ස්ථාන සොයා ගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ සතිර මාරසිංහ මහතා සඳහන් කළා. 
 
පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 
 
රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ආගමික ස්ථානවලින් 70% කට අධික ප්‍රමාණයක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 
 
මේ අතර අද (17) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගැන දත්ත සටහනක් ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කර තිබෙනවා. 
 
අදාළ දත්ත ස්ථාන පහතින්...
(colombotimes.lk)