12 March 2025


වතුකරයේ රෝගීන් රැසක් පීඩාවට



බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් අද (12) හදිසියේ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි වතුකරයේ රෝගීන් රැසක් දැඩි පීඩාවට පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් හදිසි ප්‍රතිකාර සේවා පමණක් ක්‍රියාත්මක කර තිබෙන බව රෝහල් වෛද්‍යවරයෙක් සඳහන් කළා.

(colombotimes.lk)