12 March 2025


කතරගම රාජපක්ෂ නිවස ගැන විමර්ශන නීතිපති වෙත



කතරගම ප්‍රදේශයේ ඇති රාජපක්ෂ පවුලට අයත් බවට කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමු කරන බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ නීතිපතිවරයා ලබා දෙන උපදෙස්වලට අනුව ඉදිරි පියවර ගන්නා බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජපක්ෂ පවුලට අයත් බවට කියන කතරගම නිවස සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර හා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගෙන් පෙරේදා සහ ඊයේ දිනවලදී ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

(colombotimes.lk)