නීතිවිරෝධී දුම්වැටි සමඟින් රේගු නිලධාරියෙක් ඇතුළු තවත් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් රුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරට රැගෙවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකවරයා ඩුබායි සිට මෙරට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එහිදී රේගු නිලධාරීවරයා සිය රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර ගුවන් තොටුපොළට පිවිස මෙම දුම්වැටි තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ සමඟ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 60,000ක් සමඟින් දුම්වැටි කාටුන් 300ක් ද මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස නීතිවිරෝධී ආනයනය, ජාවාරම් කිරිම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)