ඩෙංගු අධි අවදානම් කලාප 45ක් නම් කරයි



රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසනවා. 

ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 34,645 ක්. 
 
එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5 ක් බවයි වෛද්‍යවරිය පැවසුවේ. 
 
ඩෙංගු අධි අවදානම් කලාප 45ක් මේ වන විට නම් කර තිබෙනවා. 
 
ඒ පහත පරිදියි... 
 
  1. කොළඹ දිස්ත්‍රික්කයෙන් - 10 
  2. ගම්පහ දිස්ත්‍රික්කයෙන් - 08
  3. කළුතර දිස්ත්‍රික්කයෙන් - 03 
  4. මහනුවර දිස්ත්‍රික්කයෙන් - 11
  5. මාතලේ දිස්ත්‍රික්කයෙන් - 02 
  6. ගාල්ල දිස්ත්‍රික්කයෙන් - 02
  7. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් - 01 
  8. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් - 01 
  9. පුත්තලම දිස්ත්‍රික්කයෙන් - 04 
  10. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් - 03
 
මේ අතර නොවැම්බර් මාසය තුළ දී පමණක් ආසාදිතයන් 4,347ක් වාර්තා වී තිබෙනවා. 
 
  1. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 15,464ක් 
  2. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14,596ක් 
  3. කළුතර දිස්ත්‍රික්කයෙන් 4,585ක් 
  4. මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,068ක් 
  5. පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,371ක් 
  6. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,065ක් 
  7. රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,933ක්
  8. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,797ක් 
නොවැම්බර් 06 වැනිදා සි⁣ට 12 වැනිදා දක්වා වන 45 වැනි සතියේ ඩෙංගු ආසාදිතයන් 1,586ක් වාර්තා වී ඇති අතර 44 වැනි සතියට සාපේක්ෂව එය සියයට 3.5ක වැඩි වීමක් ලෙසයි වාර්තා වන්නේ. 
 
ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම වැසි කාලයේදී පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් වැසි ජලය ඒකරාශි වන ස්ථාන පිරිසිදු කර මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)