26 March 2025


ඩෙංගු රෝගීන්ගේ 43%ක අඩුවීමක්



මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 10,886ක් වාර්තා වී තිබෙනවා.

එය 2024 වසරේ එම කාල සීමාව සමඟ සැසදීමේ දී 43.4%ක අඩුවීමක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම දිනවල කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවලදී ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා.

ඒ අනුව ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් දැනට පවතින දත්ත පදනම් කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ මහ නගර සීමාව ඇතුළුව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක මෙම වැඩසටහන පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මාර්තු 27, 28 සහ 29යන දිනයන්වලදී එම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.


(colombotimes.lk)