මෙරට තුළ ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ රජයේ රෝහල් තුළින් ලබාදෙන ප්‍රමුඛ පෙළේ ඖෂධ හිඟයක් ඇති බවට යම් යම් පාර්ශ්වයන් විසින් පවසා ඇති නමුත් අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග සඳහා ලබාදෙන ඖෂධවල හිඟයක් නොමැති බවයි.
කෙසේ වෙතත් ඖෂධ වර්ග කිහිපයක සැපයුමේ යම් යම් බිඳ වැටීම් ඇති බවත් ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම යොදවා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම තත්ත්වය 2026 වසර වන විට සම්පූර්ණයෙන් මග හරවා ගැනීමට අපේක්ෂා කරන බවයි.