13 November 2025

logo

කිරින්දේදී ඇල්ලූ සැකකරුවන්ට රැඳවුම් නියෝග



කිරින්ද - අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයේදී ඊයේ (12) උදෑසන මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සත්දෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුවන් එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18වනදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා පැමිණ තිබූ රථ 6ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

(colombotimes.lk)