පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරුවල වැඩිවීමක් වාර්තාවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කළේ නොසැලකිලිමත් රිය ධාවනය, අධික වේගය, මාර්ගවල පවතින දුර්වලතා මෙම තත්ත්වයට හේතුවී තිබෙන බවයි.
එමෙන්ම රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයන් 6000ත් 8000ත් අතර සංඛ්‍යාවක් ආබාධිත වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙනවා.
(colombotimes.lk)
