දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සඳහා සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.
ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බවයි.
දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමු කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ ඇතැම් ආයතනවලට රැකියා සඳහා බඳවා ගැනීමේදී අදාළ විභාග සහතිකවලට නිසි පිළිගැනීමක් නොලැබෙන බවයි.
එම තත්ත්වය මත බොහෝ සිසුන් දහම් පාසල් අධ්‍යාපනයට යොමුවීම පහළ ගොස් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)