ගොඩනැගිල්ලක බැල්කනියක් කඩාවැටීමෙන් අද (24) පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඒ මහනුවර ඊ.එල් සේනානායක වීදියේ ඉන්ධන පිරවුම්හලකට යාබදව තිබූ මහල් 6කින් යුත් ගොඩනැගිල්ලකයි.
පොලීසිය සඳහන් කළේ කඩා වැටුණු කොන්ක්‍රීට් කැබැල්ලකට යටවී සිටි අයෙක් අසළ සිටි පිරිස් විසින් බේරාගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
(colombotimes.lk)
