24 May 2026

logo

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 31,000 ඉක්මවයි



වර්ෂාධික කාලගුණය හේතුවෙන් පවුල් 7983ක, පුද්ගලයින් 31,072 දෙනෙක් පීඩාවට පත්වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නිවාස 859කට අර්ධ හානි සිදුවී ඇති අතර නිවාස දෙකකට පූර්ණ හානි සිදුවී ඇති බවයි.

එමෙන්ම මේ වන විට ආරක්‍ෂිත ස්ථාන 18ක පුද්ගලයින් 1,724 දෙනෙක් රඳවා ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)