යතුරුපැදියක් පදික කාන්තාවගේ ගැටීමෙන් ඊයේ (23) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ රස්නායකපුර පොලිස් වසමට අයත් කුරුවිකුලම, තරාලවත්ත අතුරු මාර්ගයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර යතුරුපදිකරුද තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 44ක් වන පානගමුව පරදේශයේ පදිංචිකරිනියක්.
(colombotimes.lk)
