ශ්‍රී ලංකා රජය සහ බෙලීස් රජය ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබෙනවා.
ඒ ඊට අදාළ ගිවිසුමට නිව්යෝර්ක් නුවරදී අත්සන් තැබීමත් සමඟයි.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය, තානාපති සහ එක්සත් ජාතීන්ගේ බෙලීස් නිත්‍ය නියෝජිත ජැනින් කොයි-ෆෙල්සන් අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සහ බෙලීස් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම, දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කරගත් දේශපාලන, සමාජ - ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව වැඩිදියුණු කරන බවයි.
(colombotimes.lk)