22 October 2025

logo

අයහපත් කාලගුණයෙන් 9,000කට වැඩි පිරිසක් පීඩාවට



දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,351ක පුද්ගලයින් 9,392ක් පීඩාවට පත්වී සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ අනුව සිදුවී ඇති අර්ධ නිවාස හානි 377ක් වන අතර එයින් පවුල් 32ක් ඥාති නිවාසවල රඳවා ඇති අතර පුද්ගලයින් 30දෙනෙක් තිඹිරිගස්යාය ආරක්‍ෂිත ස්ථානයේ රඳවා ඇති බවයි.

ඊයේ (21) උපරිම වර්ෂාපතනය යාපනය දිස්ත්‍රික්කයේ අච්චිවේලි ප්‍රදේශයෙන් මිලිමීටර් 112.8ක් වාර්තා වී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)