අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු ඊට අදාළ සියලු ආයතන ඒකාබද්ද වී කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ජනතාවට සහන සැලසීම, විපතට පත් ජනතාව මුදා ගැනීම මෙන්ම පවතින තත්ත්වය කළමනාකරණය ආදී සියලු දේ පිළිබඳව අවධානය යොමු කරන බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)