ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඊයේ (20) ඊයේ ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළිගොස් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැරීසියේ සිට 20kmක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හඳිසියේ ඇති වූ මෙම කුණාටුවෙන් දිස්ත්‍රික්ක 10කට පමණ හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
එම අනතුරෙන් පුද්ගලයෙක් මියගොස් තවත් 14දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 23ක් වන ගොඩනැගිලි භූමියක සේවය කරමින් සිටි පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(colombotimes.lk)