22 October 2025

logo

මාරක බස් අනතුරක් - 10ක් රෝහලට



කොළඹ දෙස සිට මන්නාරම දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනේ තිබූ ගසක ගැටී අද (22) අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ මන්නාරම - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීර් 35 කණුව සහ කිලෝමීටර් 36 කණුව අතර ප්‍රදේශයේදීයි.

එම බස් රථ අනතුරෙන් පුද්ගයෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 10දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අනතුරින් මියගොස් ඇත්තේ ආසිකුලම්, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි. 

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයන් 08දෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් මන්නාරම් හා වව්නියාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද  පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)