වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළා.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ ඝාතනය සඳහා උණ්ඩ 4ක් භාවිත කර තිබෙන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
(colombotimes.lk)