22 October 2025

logo

ට්‍රම්ප් සහ පුටින් සාකච්ඡා නතර කරයි



තමා සහ රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් අතර පැවැත්වීමට සැලසුම් කළ සාකච්ඡා අත්හිටවූ බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනය සමඟ පවතින ගැටුම් නතර කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම සාකච්ඡාව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි. 

කාලය නාස්ති කිරීමේ හමුවීමක් සිදු කිරීමට තමාට අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. 

ඔහු කියා සිටියේ ඉදිරියේදී තමා සහ රුසියානු ජනපති අතර හමුවක් සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවයි. 

රුසියානු - යුක්‍රේන සාමය වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනපති සහ ඇමරිකානු ජනපති අතර හමුවක් මේ සතිය තුළ හංගේරියාවේදී සිදු කරන බව මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණා. 

(colombotimes.lk)