අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අඛණ්ඩතාව මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ ඊයේ (05) අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
මෙම හමුවට අයි. සී. සී. දූෂණ මර්ධන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධනද එක්ව සිටියා.
පසුගිය වසර 07 තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ඇලෙක්ස් මාර්ෂල් අවධානය යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහු ක්‍රීඩකයන්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතා පිළිබඳවද පෙන්වා දී තිබෙනවා.
(colombotimes.lk)