colombotimes.lk
සිංහල | English

18 October 2024


දකුණු කොරියාවේ වෛද්‍යවරුන් සේවය අත්හිටුවයි



දකුණු කොරියාවේ කණිෂ්ඨ වෛද්‍යවරුන් 1000 කට වැඩි පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එරට වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම සම්බන්ධව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍ය වෘත්තිය තුළ සේවය කරන වෘත්තිකයන් අතර විශාල තරඟයක් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.   

කෙසේ වෙතත් දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් අදාළ වෛද්‍යවරුන්ට අවධාරණය කර ඇත්තේ නැවත සේවයට පැමිණෙන ලෙසයි.
(colombotimes.lk)