colombotimes.lk
සිංහල | English

27 April 2024

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අල්ලස් කොමිසමට සාක්ෂි දෙයි



ප්‍රශ්න ගත Retuximab පිළිකා ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් අල්ලස් දූෂණ විමර්ශන කොම්ෂන් සභාව විමර්ශන කටයුතු ඊයේ (27) ආරම්භ කළා.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගෙන් සාක්ෂි සටහන් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙහි දී වෛද්‍යවරයා සක්ෂි දෙමින් කියා සිටියේ ගෙවුණු මාස තුනට තත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 16ක් භාවිතයෙන් ඉවත් කළ බවයි.

ඒ අතර ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, තවත් අක්ෂි දියරයක්, ලංකාවේ නිෂ්පාදිත දියවැඩියා පෙත්තක්, කැස්සට පානය කරන සිරප්, කැනියුලා සහ ඩයලයිසිස් රසායනත් ඇති බවයි සඳහන් වන්නේ.

මෙරට සෑදූ රෝහල්වල රෝගීන්ට ලබා දුන් දියවැඩියා පෙතිවල ප්‍රමිතියත් බාල බව තහවුරු වී ඇති බව වාර්තා වනවා.

(colombotimes.lk)