කාන්තාවන් 4000කට පමණ පිරිසකට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆිව සියලුම චෝදනාවලින් නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද (06) නියෝග කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත්වීමත් නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති වීමත් සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු නිදොස්කොට නිදහස් කළ බවයි.
(colombotimes.lk)