හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන 'තොටළඟ කන්නා' නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරන්න මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
2014 වසරේ දෙසැම්බර් මස 26වනදා ඇළකන්ද ප්‍රදේශයේදී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නැමැත්තාට එරෙහිව නිතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙන බවයි සඳහන් වන්නේ.
නඩු විභාගය පැවති අවස්ථාවේදී ඇප ලබා සිටි විත්තිකරු අධිකරණය මගහැර පළායාම හේතුවෙන් එම විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා තිබෙනවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බවද සනාථ කළා.
එහිදී විනිසුරුවරයා සඳහන් කළේ ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවයි.
(colombotimes.lk)