26 February 2025


වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා



වියළි කාලගුණයත් සමඟ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා මතුවී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති දීප්ති සුමනසේන සඳහන් කළේ මේ හේතුවෙන් රත්මලාන, පිළියන්දල, මොරටුව, පානදුර ආදී ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.

පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේන වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)