03 July 2025

logo

දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදීම ගැන දැනුම්දීමක්



දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කළේ එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින්  පමණක් බවයි.

වෙනත් කිසිඳු පුද්ගලයෙක්ට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබා නොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙසද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)