26 February 2025


රුපියල් මිලියන 12ක් වටිනා කුෂ් තොගයක් සමඟ කතක් කොටුවෙයි



රුපියල් මිලියන 12ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 200ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එම සැකකාරිය අද (26) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

අදාළ සැකකාරිය තායිලන්තයේ බැංකොක් සිට හොංකොං හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය 38 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ඇය විසින් ගමන් මලුවල ආහාර පැකට් තුළ සඟවා රැගෙනවිත් තිබෙනවා.

(colombotimes.lk)