2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයනය ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්තවලට අනුව 2025 ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 1,004.82ක් ලෙසයි.
එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 3.51%ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.
2024 ජනවාරි මාසයට සාපේක්ෂව කෘෂිකාර්මික අපනයන 14.87%ක සැලකිය යුතු වැඩිවීමක් මේ වසරේ ජනවාරි මාසයේදී පෙන්නුම් කර තිබෙනවා.
එය 2025 ජනවාරි මාසයේදී සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 258.93ක් ලෙසයි.
මේ වසරේ ජනවාරි මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 329.37ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව 2025 ජනවාරි මාසය සඳහා මුළු අපනයනය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 1,334.19ක් ලෙසයි.
(colombotimes.lk)