colombotimes.lk
සිංහල | English

26 April 2024

පෘථිවියට පළමු 'පිටසක්වල පණිවිඩය' ලැබෙයි



පිටසක්වල ජීවින් සමඟ සන්නිවේදනය කිරීමට බොහෝ විද්‍යාඥයින් උත්සාහ දරා තිබෙනවා.

නමුත් මෙය සාර්ථක වූ බවට මෙතෙක් නිල වශයෙන් කිසිඳු වාර්තාවක් ඉදිරිපත් වී නැහැ.

The signal will be sent from the European Space Agency

නමුත් පිටසක්වල ජීවින් පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන SETI ආයතනය විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන් පවසන්නේ, අඟහරු කක්ෂයෙන් පිටසක්වල සංඥාවක් නිකුත් වී ඇති බවයි.

Telescopes on Earth have captured a simulated alien message. The first-of-its-kind exercise was designed to prepare scientists for the

මෙම සංඥාව පෘථිවියේ ඇති දැවැන්ත දුරේක්ෂ තුනක් මගින් ග්‍රහණය කරගෙන ඇති බව විද්‍යාඥයින් සඳහන් කළා.

මීට අමතරව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, සංඥාව නිකුත් කළ රේඩියෝ තරංග ආලෝකයේ වේගයෙන් ගමන් කර ඇති බවයි.

Three massive telescopes around the globe captured the transmission: The Allen Telescope Array (ATA) in Califo ia, Robert C. Byrd at the Green Bank Observatory (GBO) in West Virginia (pictured) and the Medicina Radio Astronomical Station in northe  Italy

එහි අගය ගිගාහර්ට්ස් 8.4ක් වූ බව ඔවුන් සඳහන් කළා.

මෙතෙක් මේ පණිවිඩය කුමක් දැයි 100% හඳුනාගෙන නොමැති නමුත්, එය කොටස් වශයෙන් බාගත කර පරිගණක තිරවල දිස්වීමට සලස්වා තිබෙනවා.

Scientists in the US and Italy (pictured) were overjoyed as the message appeared on computer screens, which downloaded the radio waves in sections

මෙසේ පිටසක්වල ජීවින් අප සමඟ සම්බන්ධ වීම 'සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා ගැඹුරු පරිවර්තනීය අත්දැකීමක්' ලබාදෙන බවද ඔවුන් සඳහන් කළා.

මීට අමතරව පණිවිඩයේ සඳහන් තොරතුරු රහසිගතව තබා ගැනීමට තීරණය කළ බවද විද්‍යාඥයින් පැවසුවා.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES)