රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් අද (28) අළුයම නේපාලයේ සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි.
එරට වේලාවෙන් අලුයම 2.51ට පමණ මෙය සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය නේපාලයේ නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බවයි.
එමෙන්ම නේපාලයට උතුරු දෙසින් පිහිටි ටිබෙටය, චීනයේ මායිම් ප්‍රදේශවලට මෙන්ම නේපාලයට දකුණු දෙසින් පිහිටි ඉන්දියාවට පවා මෙහි කම්පනය දැනී තිබෙනවා.
(colombotimes.lk)