31 March 2025


බැංකොක්වලට බලපෑ භූ කම්පනය දරුණු අතට



මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද (28) දහවල් රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වුණා.

එම භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම තායිලන්තයේ බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තායිලන්තයේ බැංකොක් නුවරටද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
 
ඒ මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන්.

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු බැංකොක් අගනුවර ඉදිකෙරෙමින් පැවති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙක් මියගොස් තවත් 50 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

බැංකොක්හී හදිසි වෛද්‍ය විද්‍යා පිළිබඳ ජාතික ආයතනය සඳහන් කළේ බැංකොක් නුවර චතුචක් උද්‍යානයේ මහල් ගොඩනැගිල්ලක් තත්පර කිහිපයකින් කඩාවැටී ඇති බවයි.
 
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පුද්ගලයන් 43දෙනෙක් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවද එම ආයතනය පවසනවා.

එහි ඡායාරූප පහතින්,   



(colombotimes.lk)