ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති Adel Ibrahim අද (27) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී තිබෙනවා.
ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදීයි.
එහිදී ඔවුන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කේන්ද්‍ර කරගත් සුහද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය හරහා අධ්‍යයන හා වෘත්තීමය දැනුම හුවමාරු කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.