ආබාධ සහිත පුද්ගලයන්ට කිසිඳු අපහසුවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ හැඳුනුම්පතක් හඳුන්වා දීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විශේෂ හැඳුනුම්පත මඟින් ආබාධිත පුද්ගලයන්ට සෑම මැතිවරණයකදීම බාධාවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පැවසුවේ.
පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින් සමන් රත්නායක මහතා සඳහන් කළේ 2011 ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1.6 කට ආසන්න වන අතර මෙම වසර වන විට එම සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.
එබැවින් ආබාධ සහිත පුද්ගලයින් සඳහා උපරිම පහසුකම් සැලසීම සඳහා විශේෂ හැඳුනුම්පත හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව ඔහු පැවසුවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ ඉදිරි වසර 05 තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වසරේ හැඳුනුම්පත් 5,000ක් නිකුත් කිරීමට නියමිත අතර දිස්ත්‍රික්ක 10 ක ආබාධිත පුද්ගලයන් මෙම වැඩසටහන යටතේ තෝරා ගැනෙණු ඇති.
(colombotimes.lk)