06 July 2025

logo

මැතිවරණ කටයුතු ගැන පැෆරල් අවධානයෙන්



පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වන නිරීක්ෂණ කටයුතු ඊයේ (17) ආරම්භ කළ බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට හැකි තාක්ෂණික කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම නාමයෝජනා භාරදීමෙන් අනතුරුව දේශපාලන රැළි හෝ පෙළපාලි සංවිධානය කිරීමෙන් වළකින ලෙස ඔහු සියලුම දේශපාලන පක්ෂවලට දැනුම්දුන්නා.

(colombotimes.lk)