08 January 2026

logo

අලිවැට කිලෝමීටර් 838කට හානි



දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අලිවැට කිලෝමීටර් 838කට හානි සිදු වී තිබෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසනවා.

ඔහු කියා සිටියේ පොළොන්නරුව, මහියංගනය, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එලෙස අලිවැට විනාශ වී තිබෙන බවයි.

එලෙස අලිවැට විනාශවීමත් සමඟ වනඅලි ගම්වැදීම වැඩි වී තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)