ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විනය පරීක්ෂණ මණ්ඩලයක් අද (07) පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ අනුව එම කමිටුව පත් කරන බවයි.
ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවේ අනුමැතිය හිමිවූ බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම මෙම ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව විධිමත් විනය පියවර ගැනීමට අදාළ කරුණු විමර්ශනය එම කමිටුව හරහා සිදු කරන බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන ද කඩිනම් කර තිබෙනවා.
(colombotimes.lk)
